මෝදිගේ පැවැත්මට අවියක් වූ ඉස්ලාම් භීතිකාව

0
54

NEWSNOW | –  අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රමුඛ පාක්‍ෂිකයින් දෙදෙනෙකු විසින් නබි මුහම්මද් තුමන් සහ එතුමන්ගේ බිරිය අයිෂා තුමියට එරෙහිව සිදු කරන වෛරී අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ඉන්දියාව මේ වන විට ජාත්‍යන්තර හෙළාදැකීමට ලක්ව සිටියි. පාක්‍ෂිකයින් දෙදෙනාවම භාරතීය ජනතා පක්ෂය විසින් නෙරපා හරින ලද බව පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී නවීන් ජින්ඩාල් සහ ජාතික ප්‍රකාශක නූපූර් ෂර්’මා පැවසුවේය. මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරනු ලබන අපරාධ වෙනුවෙන් අධිකරණයෙන්ම දඬුවම් ලැබ ලොවට පෙනෙන්නට සිරයට යවනු ලබන මෝඩිගේ මෙවන් ජාතිවාදි පාක්‍ෂිකයන් පසුව කිසිදු ශබ්දයක් නැතිව පස්ස දොරින් නිදහස් කරනු ලබන තත්වයක මෙසේ පක්‍ෂයෙන් නෙරපා හැරීම වැනි ඇස් බැන්දුම්වලට කිසිවෙකු රැවටෙන්නේ නැත. කටාර් ඇතුළු අරාබි රටවල් කිහිපයක් එම පාක්‍ෂිකයන් දෙදෙනාගේ වෙරී ප්‍රකාශ තරයේ හෙළා දැක ඇති අතර ඉන්දීය රජය මේ පිලිබඳ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතුය යැයිද බල කර ඇති හෙයින් මෙම සිද්ධිය සම්බන්ධ රාජතාන්ත්‍රික ගැටුම දිගටම පවතී. ඉන්දියානු භාණ්ඩ වර්’ජනය කරන ලෙසද සමාජ මාධ්‍ය හරහා ඇතැම් ඉස්ලාමීය සංවිධාන ලොව පුරා වසන මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

මෙම රාජතාන්ත්‍රික ගැටුම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වු කටාරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්’යාල මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් එම පාක්‍ෂිකයන් දෙදෙනාගේ මතය ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබිඹු නොකරන බවද කිසිදු ආගමකට නින්දා කිරීම ඉන්දිය රජය පිලි නොගන්නා බවද කියා සිටියේය. එනමුත් මෝඩි සිය පැවැත්ම සඳහා බෙහෙවින්ම විශ්වාසය තබා ඇත්තේ ඉන්දියාවේ ජනගහණයෙන් 15 % ක් පමණ නියෝජනය කරන මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීම මත යන කරුන මුලු ලොවද දනියි.

අතීතයේ පටන්ම ඉස්ලාම් භීතිකාව පෝෂණය කිරීම යනු ඉන්දියාවේ හින්දු ජාතිකවාදී කණ්ඩායම්වල දෘෂ්ටිවාදයේ කේන්ද්‍රීය ලක්ෂණයක්ව තිබෙනු දැකිය හැනකිය. 1925 දී පිහිටුවන ලද හින්දු ජාතිකවාදී පැරාමිලිටරි සංවිධානයක් වන රාෂ්ට්‍රිරය ස්වයංසේවා සංගමය (RSS) ඉන්දියාව තනිකර හින්දු දේශයක් බවට පත් කිරීමේ ඉලක්කයට නායකත්වය දෙමින් සිටියි. මෙය පිළිබඳ අදහස් දැක්වු එම ජාතිවාදි සංවිධානයේ නිර්’මාතෘ කේෂව් බලිරාම් හෙඩ්ගේවර් හින්දු සංස්කෘතිය භාරතයේ ජීවන හුස්ම’ යැයි පැවසීය, ඒ අනුව ඉන්දියාව ආරක්ෂා කිරීමට නම් හින්දු සංස්කෘතිය පෝෂණය කළ යුතුය යැයිද ඔහු අවධාරණය කළේය. හින්දු සංස්කෘතිය පෝෂණය කිරීම යන්නෙන් මෙම ජාතිවාදීන් වක්‍රව අදහස් කරන්නේ මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීමයි. හෙඩ්ගේවර්ගෙන් පසු එම සංවිධානයේ නායකත්වය භාර ගත් හා නාසි ජර්’මනියට ගැති මාධව්රාඕ සදාශිව්රාඕ ගොල්වල්කර් ඉස්ලාමය ගැන අදහස් දක්වමින් පැවසුවේ ඉස්ලාමය බිහි වුයේ වියළි හා කාත්නාර කලාපයක බැවින් මුස්ලිම් සංස්කෘතිය ඉන්දියානු සංස්කෘතියට නොගැලපෙන බවයි. මෙවැන්නන් ඉස්ලාමය බිහිවු කලාපයේ දේශගූණය ගැන සැලකිලිමත් වු තරමට එම ධර්මයේ මගපෙන්වීම්වල නැණවත් හා ප්‍රායෝගික බවට යොමු නොවීම ඔවුන්ගේ අවාසනාවකි.

කෙසේ වෙතත් නුගත් මෝඩ බහුතරයක් සිටින භාරතය වැනි දේශයක දේශපාලන වාසි අත් කර ගන්නා හොඳම අවිය ඉස්ලාම් භීතිකාව පැතිරවීම බව රාෂ්ට්‍රිය ස්වයංසේවා සංගමයේ දේශපාලන හස්තය ලෙසින් 1951 සිට 1977 දක්වා පැවති භාරතීය ජන සංග් මෙන්ම 1977 සිට 1980 දක්වා පැවති ජනතා පක්ෂය මනාව වටහා ගත් අතර පසුව බිහිවුනු හා වත්මන පාලනයේ සිටින BJP නමින් ප්‍රකට භාරතීය ජනතා පක්ෂයද එය හොඳින් වටහා සිටියි. ඉස්ලාමය ආක්‍රමණශීලීය යන මතයද එමගින් හින්දු ආගමට ප්‍රබල තර්ජනයක් ඇත යැයිද ඔවුන් ප්‍රචාරය කරති.

රාෂ්ට්‍රිය ස්වයංසේවා සංගමයට (RSS) අමතරව විශ්ව හින්දු පරිෂද් (VHP)හෙවත් ලෝක හින්දු කවුන්සිලයද දේශීය හා විදේශීය වශයෙන් හින්දු ජාතිකවාදය ප්‍රචාරය කිරීමේ ප්‍රමුඛ බලවේගයක්ව පවතියි. 1964 දී පිහිටුවන ලද මෙම කවන්සිලයේ මුලික අරමුණ වන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව ‍හින්දු සමාජය සංවිධානය කිරීම සහ පෙළගැස්වීමය. මෙම කවුන්සිලයේ නිල වෙබ් අඩවියට අනුව, කවුන්සිලයේ කාර්යභාරයන් ප්‍රධාන වශයෙන් යොමුව ඇත්තේ ගව් රක්ෂා හෙවත් ගවයන් ආරක්ෂා කිරීම ‍ක්‍රිස්තියානි පල්ලිය විසින් හින්දු භක්තිකයන් කිතුනු ආගමට හැරවීම වැළැක්වීම, ඉස්ලාමීය ත්‍රස්තවාදය, බංග්ලාදේශ මුස්ලිම් ආක්‍රමණයට එරෙහි වීම සහ හැකි පමණ වැඩි වැඩියෙන් හින්දු කෝවිල් ඉදිකිරීම ආදිය වෙතය. ඓතිහාසික අගයක් තිබුනු අයෝධ්‍යා නගරයේ පිහිටා තිබුනු බාබ්රි මුස්ලිම් පල්ලිය 1992 වසරෙහි කඩා දැමීමට ප්‍රමුඛ වුයේද මෙම විශ්ව හින්දු පරිෂද් ත්‍රස්තයන්ය. එයට රාෂ්ට්‍රිය ස්වයංසේවා සංගමයේ සහ දැනට බලයේ සිටින BJP පක්‍ෂයේද නොමඳ සහය ලැබුණි. හින්දුන් පවසන්නේ රාමා නම් වන දෙවියන් උපත ලැබුවේ අයෝධ්‍යාවේ බවත් එකල සිටි බාබ්රි නම් වන මුස්ලිම් රජු ඔහුගේ නමින් මුස්ලිම් පල්ලියක් ඉදි කළේ රාමාගේ උපත සනිටුහන් කරන රාමා කෝවිල බිඳ දමා එම ස්ථානයේ බවයි. මෙම ප්‍රශ්නය නිසා ඇති වුනු ආගම්වාදි කලබල නිසා දහස් ගණනින් මිනිසුන් ඝාතණය වු අතර එයින් අති බහුතරයක්ම මුස්ලිම්වරුන් වුහ.

අගමැති ධුරය භාර ගැනීමට බොහෝ කලකට පෙර සිටම නරේන්ද්‍ර මෝඩි තම මුස්ලිම් වෛරී පිපාසය ප්‍රසිද්ධියේම පෙන්වමින් සිටියේය. ඔහුගේ මුල් අවධියේදී රාෂ්ටිය ස්වයංසේවා සංගමයේ (RSS) ඔහු ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ අතර 1970 දශකයේ අගභාගයේදී එහි ප්‍රාදේශීය සංවිධායකයෙකු බවට පත්විය. රාෂ්ටි්‍රය ස්වයංසේවා සංගමය විසින් 1985 වසරෙහි භාරතීය ජනතා පක්ෂයට මෝඩිව එක් කරන ලදුව එවක් පටන් ඔහු 2001 දී ගුජරාට් මහ ඇමති වෙමින් පක්ෂයේ ඉහළම තලයට ගියේය. කෙසේ වෙතත්, 2002 දී හින්දු වන්දනාකරුවන් ගමන් ගත් දුම්රිය මැදිරියකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී එය ගිනි ගැනීමෙන් හා සිය ගණනින් හින්දුන් ඝවීමෙන් පසු ගුජරාතයේ සිදු වූ ජාතිවාදි කොලාහල නිසා මුස්ලිම්වරුන් දහස් ගණනින් ඝාතණය වුහ. එම ප්‍රහාරය සිදු කරන ලද්දේ මුස්ලිම්වරුන් යැයි සැකයක් ඇති වීම මෙම කෝලාහලවලට හේතුව වුවද එය රාෂ්ට්‍රිය ස්වයංසේවා සංගමයේ කුමන්ත්‍රණයක් යැයිද ප්‍රබල සැකයක් පවතියි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තායටද මෝඩි චෝදනා කළේය. පසුව ගුජරාතයේ අහමදාබාද් නගරය හරහා මියගිය හින්දු භක්තිකයන්ගේ සිරුරු සමග දැවැන්ත පෙළපාලියක් මෝඩි ප්‍රමුඛ රාෂ්ට්‍රිය ස්වයංසේවා සංගමය සංවිධානය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තවතවත් මුස්ලිම්වරුන් ඝාතනය වුහ. ස්ත්‍රීන් දූෂණය කරනු ලැබුහ. මෙම කෝලාහල නිසා ඝාතනය වු මුස්ලිම්වරුන්ගේ සංඛයාව දෙදහසකට අධික වු අතර මුස්ලිම් නිවාස 2,000 ක් විනාශ වී 150,000 ක් පමණ අවතැන් වුහ. මෙම ඛෙදවාචකය හින්දු ජාතිවාදින් සලකන්නේ මෝඩිගේ ජාතිවාද ඔටුන්නේ බැබලෙන මැණිකක් ලෙසිනි.

මේ අනුව 2014 දී මෝදි අගමැති ධුරයට පත්වීමෙන් පසු, ඉස්ලාම් භීතිකාව රාජ්‍ය ප්‍රතිපත්තියක් බවටම පත්ව ඇත. 2019 වසරෙහි මෝදි ප්‍රමුඛ රජය, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 සහ 35 වගන්තිය අවලංගු කරමින් මුස්ලිම් බහුතරයක් සිටින හා ප්‍රශ්නගත කාශ්මිරයෙන් භාරතයට පිටුවහල් කරන ලද හින්දුන් නැවතත් කාශ්මීරයට යැවීමට අනුමැතිය දුන්නේය. ‍

මෙයට අමතරව 2019 වසරෙහි මෝඩි රජය විසින් පුරවැසිභාවය සංශෝධන (CAA) පනත නමින් පනතක් ක්‍රියාත්මක කරන ලදි. එමඟින් පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයින් සඳහා ඉන්දියානු පුරවැසිභාවය ලබා දීම කඩිනම් කරන ලදි. එනමුත් යෝජිත ජාතික පුරවැසි පනත විසින් එසේ එම රටවලින් පැමිණ ඉන්දියාවේ පරම්පරා කිහිපයක්ම වාසය කරන මුස්ලිම්වරුන්ව බැහැර කර ඔවුන්ට ඉන්දේ පුරවැසි බාවය තහනම් කරන ලදි.

සෑම දිනකම, ඉන්දියානු මුස්ලිම්වරු සිටින්නේ තමන්ට හින්දු ජාතිවාදින් හිරිහැර කරාවිදෝ යන බියෙනි. ඝාතන සහ වෛරී ප්‍රකාශ රට තුළ රජයේ අනුග්‍රහයෙන්ම පැතිර තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහණය ඇති උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති බවට පත්ව සිටින්නේ යෝගී ආදිත්‍යනාත් නමැති දරුණු හින්දු ජාතිවාදියෙකි. මොහු පෙර මුස්ලිම්වරුන්ට එරෙහිව දැඩි වෛරී ක්‍රියා සිදු කළ හින්දු පුජකයෙකුව සිටි අතර පසුව සමාන අදහස් කරන මෝඩිගේ ආශීර්වාදය ලැබ දේශපාලනයට පිවිස ඊන්‍ඡ පක්‍ෂයේ ප්‍රබලයෙකු වී භාරතයේ විශාලතම ප්‍රාන්තයේ මහ ඇමති බවටද පත් විය, 2019 මාර්තු මාසයේදී ඉස්ලාමීය ආගමික ස්ථානයක් කඩා දැමීම වැළැක්වීමට උත්සාහ කළ මුස්ලිම්වරයෙකුව ඝාතනය කරන ලදී. 2015 දී 52 හැවිරිදි මුස්ලිම් මිනිසෙකු ගව මස් නිවසේ තබා ගත් වරදට’ හින්දු පිරිසක් විසින් ඝාතනය කරන ලදී. ගව මස් කෑමට සහ ගව වෙළඳාමට එරෙහිව භාරතීය ජනතා පක්ෂ සාමාජිකයින් විසින් ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක් මෙහෙයවනු ලැබේ. හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව 2015 මැයි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ එවැනි හා වෙනත් හේතුන් මත සිදු කරන ලද ප්‍රහාරවලින් මුස්ලිම්වරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් හින්දු අන්තාවදින් විසින් ඝාතනය කරන ලදි. ඉන්දියාව තුල තත්වය මෙසේ තිබුනද ලොව අංක එකේ ගව මස් අපනයනකරු වන්නේ ඉන්දියාවයි.

හින්දු විශේෂ දිනවල ව්‍යාපාර ස්ථාන වසන්නට මුස්ලිම්වරුන්ට බල කිරීම හින්දු බහුරත පෙදෙස්වල එන මුස්ලිම් වෙළඳුන්ට පහර දී පළවා හැරීම ජෙයි ශ්‍රී රාම් යන හින්දු බජනය කියන්නට එවන් මුස්ලිම්වරුන්ට බල කිරීම සහ එසේ නොකළොත් පහර දීම ආදිය ඉන්දියවේ මෙම නවීන ශිෂ්ඨ යුගයේ පවා එදිනෙදා සිදුවන සාමාන්‍ය සිදුවීමිය. මේ සඳහා පුර්ණ අනුග්‍රහය මෝඩිගේ රජයෙන්ම ලැබෙන විට මේ ගැන කුමන කතාද?
කෝවිඩ් වසංගත දවස්වල මුළු ලෝකය අක්‍රීය වී තිබුනද ඉන්දියාවේ ජාතිවාදි හින්දුන් එසේ හිටියේ නැත. කෝවිඩ් ඇති වන්නට හේතුව මුස්ලිම්වරුන් යැයි චෝදනා නගමින් ඔවුන්ට අනන්තප්‍රමාණ හිරිහැර දුන්හ. මේ අන්දමින් මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ක්‍රියා ප්‍රහාර සහ ඝාතන දිගටම පැවතුනි. මුස්ලිම්වරුන් කෝව්ඩි නිසා පැනවු අගුලු‍ දැමීම්ද උල්ලංඝනය කරන බවට අසත්‍ය ප්‍රචාර පතුරවන ලදු රෝගිවු මුස්ලිම්වරුන් රජයේ රෝහල්වලට පැමිණි විට ඔවුන්ට ප්‍රතිකාර ලබා නොදි පළවා හරින ලදි.

ලොව පුරා ඉස්ලාමීය රටවල් සමග වෙළඳ ගනුදෙනු පවත්වමින් හා මැද පෙරදිග මුස්ලිම් අරාබි රටවලට විශාල සංඛ්‍යාවක් ඉන්දියානුවන් රැකියා සඳහා යවා වසරක් පාසා බිලියන ගණනින් මුදල් උපයන අතරම ඉන්දියාවේ සිටින සුළුතර මුස්ලිම්වරුන්ට වෙනස්කම් කිරීම හින්දුන් නැවැත්වුයේ නැත. ගල්ෆ් රටවල් සමග ඇති ආර්ථික සබඳතා නිසා ඉන්දියාව වසරකට උපයන මුදල ඩොලර් බිලියන 90 ක් පමණ වන බව ගණන් බලා ඇති අතර දැන් දැන් ඒ රටවලට ඉන්දියාවේ හින්දුන් එහි මුස්ලිම්වරුන්ට සිදු කරන හිරිහැර ගැන සංවේදිබවක් ඇති වී තිබීම නිසා මෙම දැවැන්ත විදේශ ආදායමට තර්ජනයක් එල්ල විය හැකි බව මධ්‍යස්ථ මතධාරී ඉන්දීය වියතුන් රජයට පෙන්වා දෙති. මෙම තත්වය නිසා ඉන්දීය මුස්ලිම්වරුන්ට හිරිහැර කරන විට එයිප්‍රවේශමෙන්’ සහිප්‍රසිද්ධියක් ඇති නොවන ආකාරයෙන්’ කර ගන්නා මෙන් තම පාක්‍ෂිකයන්ට BJP පක්‍ෂයි උපදෙස්’ ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇත. එනමුත් හින්දු ජාතිවාදීන් අතර සිටින බහුතරයක්ම නූගත් මිනිසුන් වන හෙයින් මෙවන් උපදෙස්වලින් කිසිදු ප්‍රයෝජනයක් ඇති වේ යැයි විශ්වාසය තැබිය නොහැකිය.

(අල් ජසීරා මාධ්‍යයෙනි)