NEWSNOW | – ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවය හේතුවෙන් වතිකානයේ ඉදිරි වැඩ බැලීම සඳහා වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ අනුව ඊළග පාප් වහන්සේ තොරාගන්නා තෙක් කැමරලෙන්ගෝවරයා ලෙස ෆැරල් කාදිනල් හිමිපාණන් වැඩබලන ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.
ෆැරල් කාදිනල් හිමිපාණන්, ලොව පුරා පල්ලිවල තනතුරු දරා ඇති අතර, මෙක්සිකෝවේ මොන්ටෙරේ විශ්ව විද්‍යාලයේ දේවගැතිවරයෙකු ලෙස මෙන්ම මේරිලන්ඩ් හි බෙතෙස්ඩා හි පල්ලියක ද සේවය කර තිබේ.
එමෙන්ම පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පසු නව පාප්වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ දින 15යි 20යි අතර කාලයකින් පසුවය.
දැනට ධුර දරන කාදිනල්වරු 252 දෙදෙනාගෙන් සුදුසුකම් ලැබූ 138 දෙනෙකුගේ ඡන්දයෙන් නව පාප්වහන්සේ තෝරා ගැනීමට නියමිතය.
ස්වර්ගස්ථ වු ශුද්දෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැලසුම් කිරීම සඳහා ලොව පුරා සිටින කාදිනල්හිමිවරු රැස්ව තිබේ.