අයුක්තියට එරෙහිව හඬ නැගූ පාප් වහන්සේගේ අභාවය ගැන හමාස් සංවිධානයෙන් ශෝක පණිවිඩයක්

0
44

NEWSNOW | – ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය පිළිබඳව ලොව පුරා ශෝක ප්‍රකාශ අඛණ්ඩව වර්’ධනය වන විට, හමාස් ව්‍යාපාරය කතෝලික පල්ලියට සහ කිතුනුවන්ට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කර තිබේ.

මෙම නිවේදනයෙන් හමාස් සංවිධානය පාප් වහන්සේගේ අභාවය හැඳින්වූයේ “සාමය, යුක්තිය සහ අන්තර් ආගමික සංවාදය සඳහා කැප වූ අධ්‍යාත්මික නායකයෙකුගේ අහිමි වීමක්” ලෙසයි.

හමාස් සංවිධානය ද ප්‍රකාශ කළේ, සිය ධුර කාලය පුරාම පාප් වහන්සේ පලස්තීන ජනතාවගේ දුක් වේදනා ඉස්මතු කිරීමට සහ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් මුහුණ දෙන ජන සංහාරයට සහ යුද අපරාධවලට විරුද්ධ වීමට ප්‍රමුඛතම හඬක් වූ බවයි.

“ප්‍රැන්සිස් පාප් වහන්සේ ආක්‍රමණශීලීත්වය සහ ජාතිවාදය ප්‍රතික්ෂේප කළ වැදගත්ම ආගමික නායකයින්ගෙන් කෙනෙකි. ඔහු අවබෝධය සහ මනුෂ්‍යත්වයට නිසි වටිනාකමක් ලබා දී ඇත.” යනුවෙන් මෙම ශෝක ප්‍රකාශයේ සඳහන් වේ.

පාප් වහන්සේගේ ක්‍රියාමාර්ග සහ කතා මගින් ගෝලීය ගැටුම් විසඳීමට සහ සමාජ සාධාරණත්වය සඳහා ඔහුගේ කැපවීම පෙන්නුම් කෙරේ. මේ පදනම මත, ඔහුට බොහෝ මානව හිමිකම් සංවිධානවලින් විශාල පිළිගැනීමක් ලැබුණි.

විශේෂයෙන් ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා රැඳී සිටියදී පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන ලද කුරිරුකම් පාප් වහන්සේද හෙළා දැක්ක බව අවධාරණය කළේය.

පාප් වහන්සේ විසින් ගෙන ගිය මෙම පුණ්‍ය කටයුතු තවදුරටත් පවත්වාගෙන යන ලෙස ආරාධනා කරන බවද හමස් සංවිධානය සිය ශෝක පණිවිඩයේ සඳහන් කර ඇත.