ඇෆ්ගනිස්ථානයට භූකම්පනයකින් බලපෑම්

0
136

NEWSNOW| –  අද(19) දහවල් ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපක 5.8 ක භූමිකම්පාවක්  හටගෙන තිබේ. එය පාකිස්තානයේ සහ උතුරු ඉන්දියාව පුරා කම්පන ඇති කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ජම්මු සහ කාශ්මීරය, පන්ජාබ් සහ දිල්ලි-එන්.සී.ආර් කලාපයේ සමහර ප්‍රදේශවලට මෙම කම්පන දැනී ඇත. පකිස්ථානයේ, ඉස්ලාමාබාද්, ලාහෝර් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට මෙම භූමිකම්පාව දැනී ඇත.

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාව කිලෝමීටර 130 ක් ගැඹුරින් ඇති වූ බවයි. කිසිදු හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.