ශ්‍රී ලංකාවේ රන් මිල වාර්’තා ගත ලෙස ඉහළට

0
45

NEWSNOW | – ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ රන් මිලද අද වාර්’තා ගත ඉහළම අගයට ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල ගණන් පිළිබඳ විශ්වාසදායක තොරතුරු ප්‍රකාශයට පත් කරන GOLDCeylon Gold News Network ආයතනයට අනුව, අද උදෑසන වන විට දේශීය වෙළඳපොලේ කැරට් 22 සහ කැරට් 24 රන් මිල ඉතිහාසයේ ඉහළම අගයට ළඟා වී තිබුණි.

ඊයේ(16) දිනයේ දේශීය වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක මිල වූයේ රුපියල් 238,300 ක් ලෙස අවන් අතර එහි මිල අද(17) වන විට රුපියල් 242,000 දක්වා ඉහළ ගොස් ඇත.

කැරට් 24 රන් පවුමක මිල ඊයේ රුපියල් 259,000 සිට අද රුපියල් 262,000 දක්වා ළඟා වී තිබේ.

මිල වැඩිවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්’ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණ කාර්’යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු සමඟ ගෝලීය වෙළඳපොලේ රන් මිල නව ඉහළම අගයකට ළඟා වී ඇති බවයි.

ගෝලීය රන් මිල ඉහළ යාමට බලපාන සාධක අතරට ඇමරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම, ආයෝජකයින් ආරක්ෂිත ස්ථානයක් ලෙස රත්‍රන් වෙත යොමුවීම සහ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උත්සන්න වීම ඇතුළත් බව ඔහු තවදුරටත් පැවසීය.