දැඩි හිරු රශ්මිය ගැන කාලගුණ අංශයෙන් අවවාදාත්මක නිවේදනයක්

0
155

NEWSNOW| –   හෙට (17)  දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ නිසා හෙට දිනයේ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.