ඉන්දීය මුස්ලිම්වරුන්ගේ වක්ෆ් (පරිත්‍යාග) පනත දුබල කිරීමට එරෙහි විරෝධතා මර්ධනයට ඉන්දීය රජය හමුදා යොදවයි

0
39

NEWSNOW | –  කුසල් පතා ආගමික ස්ථාන, අනාථයන් රැකබලා ගන්නා මධ්‍යස්ථාන සොහොන්බිම් ඇතුලු එවන් පොදු ආයතනවලට මුස්ලිම්වරුන් හිමි කර දෙන දේපළ සහ නිත්‍ය ආදායම් වක්ෆ් නමින් හැඳින්වේ.

අදමෙම ක්‍රමය ශ්‍රී ලංකාව ඇතුලු ලොවු පුරා මුස්ලිම්වරුන් සුළුතරයක්ව වාසය කරන සියලුම රටවල පවතින අතර එයට අදාල සුවිශේෂී නීති රීතින්ද ඒ ඒ රටවල සම්මත කර ඇත.

ඉන්දියවෙහිද බොහෝ කලක සිට මෙම නීතිය පවතින නමුත් ඉන්දියාවේ වාසය කරන සුළුතර මුස්ලිම්වරුන්ට නරේන්‍ද්‍ර මෝඩි රජය සිදු කරන කෙණෙහිළිකම්වල තවත් එක් අදියරක් ලෙසින් මෑතකදී මෙම පනත සංශෝධනය කර වක්ෆ් දේපළ සහ ආදායම්වල කළමනාකරණය මුස්ලිම්වරුන්ගෙන් ක්‍රමයෙන් ඉවත් කරන වෑයමක් දියත් කර ඇත. භාරතය පුරා ඇති වක්ෆ් දේපළවල වටිනාකම ලංකා රුපියල් බිලියන 4200 ඉක්මවයි.

උක්ත පනතට විරෝධය දක්වමින් බටහිර බෙංගාලයේ මුස්ලිම්වරුන් පසුගිය සිකුරාදා (11) සහ සෙනසුරාදා (12) දැවැන්ත උද්ඝේෂණයක් මුර්ෂිදාබාද් නගරයෙහි පැවැත්වු අතර එය මර්ධනය කිරීමට රජය විසින් හමුදාව යොදවා තිබේ. හුමුදාව විසින් සිදු කරන ලද වෙඩි තැබීම්වලින් මේ දක්වා මුස්ලිම්වරුන් තිදෙනෙකු ඝාතණය වී ඇති අතර අත් අඩංගුව පත් සංඛ්‍යාව 150 ට අධිකය. කෙසේ වෙතත මෙම පනත බටහිර බෙංගාලයේ ක්‍රියාත්මක නොවන බව එම ප්‍රන්තයේ මහ ඇමතිනි මමතා බැනර්ජී සහතික වෙමින් ප්‍රාන්තයේ මුස්ම්වරුන්ගෙන් සන්සුන් වන මෙන් ඉල්ලා ඇත. මුස්ලිම්වරුන් මිලියන 25 ක් පමණ බටහිර බෙංගාලයේ වාසය කරති.

මධ්‍යම රජයේ යෝජිත සංශෝධයට අනුව වක්ෆ් දේපළ පාලනය කරන කමිටුවලට හින්දුන්ද ඇතුලත් කළ හැකිය. එනමුත් කතෝලිකයන්, කිතුනුවන්, බෞද්ධයන්, හින්දුන් ඇතුලු අන් කිසිදු ආගමකට අයත් මෙවන් පුණ්‍ය දේපළ කළමනාකරණ කමිටුවලට මෙවන් වෙනසක් සිදු කර නොමැති බව මුස්ලිම්වරුන් දෙති.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පවසන්නේ වක්ෆ් දේපළ පාලනයෙහි විනිවිදභාවයක් ගෙන ඒම සහ එහි පවතින දූෂණය හා කළමනාකරණයේ අක්‍රමිකතා තුරන් කිරීම මෙම සංශෝධනයේ අරමුණ බබයි. නමුත් මුස්ලිම්වරුන් පවසන්නේ මුස්ලිම්වරුන්ට අසාධාණරකම් කිරීම තම මුලික කටයුත්ත බවට පත් කර ඇති මෝඩි රජය මෙම සංශෝධනයේ මුවාවෙන් මුස්ලිම්වරුන්ගේ වක්ෆ් දේපළ රාජ සන්තක කිරීමේ නාමයෙන් කොල්ල කා ගනු ඇති බවයි. මෙම සංශෝධනය රාහුල් ගාන්ධි ප්‍රමුඛ විරුද්ධ පක්‍ෂය වන කොංග්‍රස් පක්‍ෂය තරයේ හෙළා දකියි.

බිලියන 1.4 ක ජනගහණයක් ඇති ඉන්දියවේ මුස්ලිම් ප්‍රතිශතය 15 % ක් පමණ වේ. මෝඩි බලයට පැමිණ වසර දහයකට අධික කාලයක් ගත වී ඇති අතර එම කාලය තුල මුස්ලිම්වරුන්ට හිරිහැර කිරීම අසාධාරණ ලෙස සැලකීම ඔහු සිය ප්‍රධාන කාරිය භාරය බවට පත් කර ගත්තේය. මෙසේ කිරීම මගින් තම ඡන්ද පදනම තර කර ගත හැකි බව ඔහු විශ්වාස කිරීම මෙයට එක් හේතුවකි. කෙසේ වෙතත් පසුගිය මහමැතිවරණයෙහි එම විශ්වාසය වැරදි බව ඔහුට ඒත්තු ගැන්වු ඉන්දීය ඡන්දදායකයන් මෝඩි බලාපොරොත්තු වු දැවැන්ත ජය ඔහුට දීම ප්‍රතික්‍ෂේප කළහ.