ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමීයේ අලුත් අවුරුදු පණිවුඩය

0
19
Oplus_131072

NEWSNOW| –  සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට සුභ පැතීමට අවස්ථාව ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා ජමාඅතේ ඉස්ලාමී සංවිධාන සතුටට පත්වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසා ඇත. එම නිවේදනයේ මෙසේ දැක්වේ.

ජාතීන් අතර මිත්‍රත්වය හා අවබෝධය ඥාතීන් අතර සහෝදර බැඳියාව සහ අසල්වැසියන් සමඟ සහයෝගීතාව අලුත් කර ගැනීමට හා වර්ධනය කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග අනාගත පරපුරට පවරාදීමටත් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් ලැබෙන්නේ සුවිශේෂ අවස්ථාවකි .

සාමය සතුට සෞභාගයෙන් පිරි හා ජාති ආගම් භාෂා හා ප්‍රදේශ බේද වලින් තොර වූ සාමකාමී පිවිතුරු ශ්‍රී ලංකාවක් බිහිකිරීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලු දෙනාම සියලු දෙනාම අධිෂ්ඨානය කරගනිමු.