නීතිඥ මාස් එල් යුසුෆ් විසිනි
යන්තම් වයස අවුරුදු 22 පසුකර සිටින මොහොමඩ් රුෂ්ඩි නම් වන තරුණයාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනෙක නිකුත් කළ නියෝගය ඇතැම් පාර්ශව අතර දැඩි කම්පනයක් ඇති කර ඇත. පසුව එම තරුණයාව නිදහස් කරන ලද නමුත් උක්ත සංසිද්ධිය තනිකරම පරිපාලන ක්‍රියාවක් බව පැහැදිලිය.
මෙවන් ක්‍රියා සමානුපාතික මූලධර්මයට යටත් වන අතර එමඟින් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම්වලට අනවසරයෙන් ඇතුළු වීමට පෙර නීතිමය ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කළ යුතුය. පවතින විකල්ප අතරින් හොඳම ක්‍රියාමාර්ගය තෝරා ගැනීමට අධිකාරියට හැකි වන පරිදි පරිපාලන බලතල අභිමතය පරිදි පවරා ඇත.
සුප්‍රකට GCHQ නඩුවෙහි ඩිප්ලොක් සාමිවරයා මෙසේ පැවසීය. මෙහිදී සමානුපාතිකත්වයේ මූලධර්මයේ අදහස් වන්නේ, පොදු අධිකාරියක් තම විශේෂිත අරමුණු සහ එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහ යොදා ගන්නා ක්‍රමවේද අතර සමානුපාතික රාවයක් පවත්වා ගත යුතු බවයි, එවිට ඔහුගේ ක්‍රියාව මහජන අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවම වශයෙන් පුද්ගල අයිතිවාසිකම්වලට බාධා නොකරනු ඇත.
ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවට දගකාර වියේ තරුණයෙකුට මාස තුනක රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම යනු පොල්කිච්චෙකු බිමට වට්ටන්නට කාලතුවක්කුවෙන් වෙඩි තැබීම’ වැනි විහිළුවකි. ඉන්දියාවේ කොයිම්බතුර් මධ්‍යම සමුපකාර බැංකුව සහ සේවානියුක්තියන්ගේ සංගමය අතර නඩුවෙහි :(2007 INSC 448) එරට උපරිමාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව සැබවින්ම හොඳ ආදර්ශයකි.
‘සමානුපාතිකත්වය පිළිබඳ මූලධර්මය භාවිතා කිරීම මගින්, ඇටයක් කැඩීමට කුඩා පිහියක් ප්‍රමාණවත් වන තැන බරමිටියක් භාවිතා කිරීමට පරිපාලනයට මෙම අධිකරණය ඉඩ නොදෙනු ඇත’
එමෙන්ම අමල් සුදත් සිල්වා සහ කොඩිතුවක්කු පොලිස් පරීක්ෂක සහ තවත් අය [(1987) 2 ශ්‍රී .එල් .ආර්. 119] පිටුව 127% අතර නඩුවෙහිදි විනිසුරු අතුකෝරාළ මෙසේ පැවසීය:
‘පෙත්සම්කරු කිසිදු අනුකම්පාවක් ලැබිය යුතු නැති දරුණු අපරාධකරුවෙකු විය හැකිය. එනමුත් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ව්‍යවස්ථාමය සහතිකවලට කිසියම් අර්ථයක් හෝ අගයක් තිබීමට නම්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ආරක්ෂාව ඔහුට අහිමි නොකිරීම අනිවාර්ය කාරණාවකි.
ජනාධිපති දැනුවත්ව සිටියාද?
රැඳවුම් නියෝගය අත්සන් කිරීමට පෙර උක්ත සැකකරුව වෙනත් පවතින නීති යටතේ වුවද අත්අඩංගුවට ගත හැකි බව ජනාධිපතිවරයා දැන සිටියාද?
ඔහු නොදැන සිටියා නම්, එවැනි විකල්ප තිබෙන බව ඔහු වටේ සිටින නිලධාරීන් ඔහුට පැහැදිලි කළ යුතුව තිබුනා නොවේද?
යටත් පිරිසෙයින්, මහපුටුවට නගින්නට කලින් දවස්වල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි උද්ඝෝෂනවලට ගිරිය පුප්පමින් පෙරමග ගත් නායකයෙකු හැටියට ජනාධිපති අනුරට මෙම තරුණයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කළ යුතු අවශ්‍යතාවය කුමක්ද?’ කියා එම නියෝගය ඔහුගේ අත්සන වෙනුවෙන් ඉදිරිපත් කළ නිලධාරින්ගෙන් අසන්නට තිබුනා නොවේද?
නැත්නම් ඉන්දීය අගමැති මෝඩිගේ සංචාරය නිසා කාර්්‍යබහුලව සිටි ජනාධිපතිවරයාට කොලේ වසා මෙම නියෝගයට ඔහුගේ අත්සන ගත්තාවත්ද?
මෙම සිද්ධිය රටට පෙන්වන්නේ ජනාධිපතිවරයා වටේ සිටින නිලධාරීන්ගේ (අ)කාර්යක්ෂමතාවයද?
එසේත් නැතිනම් පිරිසිදු ශ්‍රී ලංකාවක්’ යන කයිවාරුව කොතෙකුත් සිදුකළද නැවතත් ක්‍රියාත්මක වන්නේ අළුත් බෝතලයක පරණ වයින්ම පුරවා දෙන’ ජාතියේ අර පරණ ක්‍රමයමද?
මෙම සිද්ධිය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සහ එය අපයෝජනය කිරීමට එරෙහි කැපවුනු උද්ඝෝෂකයෙකු වූ ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වයට සිදුවන හානිය කෙසේ වෙතත්. තරුණයෙකුගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම, ඔහුගේ අනාගතයට කැළැල් ඇති කිරීම, ඔහුගේ පවුලේ අයට මානසික කම්පනයක් ඇති කිරීම, ඔහුගේ මිතුරන්, ඥාතීන් සහ හිතවතුන්ගේ මනසෙහි බියක් ඇති කිරීම සහ දේස් විදෙස් වශයෙන් නව රජයට අපකීර්තියක් ගෙන දෙන දැවැන්ත මහජන විරෝධයක් ඇති කිරීම ආදිය අනුර ජනාධිපතිවරයාගේ උක්ත නියෝගය නිසා ඇතිව තිබෙන මැකිය නොහැකි ප්‍රතිවිපාකයන්ය.
වීරවංශ එදිරිව නීතිපති සහ අනෙකුත් අයගේ නඩුවෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය පහත ස්ථාවරය දරනු දැකිය හැකි විය:
විනිසුරු ප්‍රනාන්දුට අනුව තමන් ඇමතිවරිය පුද්ගලික දැනුම හෝ විශ්වාසනීය තොරතුරු මත ස්වාධීනව තම ව්‍යවස්ථාපිත අභිමතය ක්‍රියාත්මක කළේ නැත. ඇය හුදෙක් ආදේශ කළේ දෙවන වගඋත්තරකරුගේ මතයයි. එය පැහැදිලිවම අභිමතය අත්හැරීමක් විය’
මෙවිට සාධාරණ ප්‍රශ්න කිහිපයක්ම මනසට නැගෙයි. ජනාධිපති අනුර රුෂ්ඩි ගැන පුද්ගලිකව දැන සිටියේද? ඔහු ගැන ජනාධිපතිවරයාට විශ්වාසනීය තොරතුරු ලැබුනාද? නැතහොත්, වෙනත් කෙනෙකුගේ මතය අනුව ජනාධිපතිවරයා රැඳවුම් නියෝගයට අත්සන් තැබුවාද? එසේ ඔහු කර තිබුනේ නම් එය එය පැහැදිලිවම අභිමතය අත්හැරීමක් වෙයි. නැත්නම් රැඳවුම් නියෝගය අත්සන් කිරීමෙන් පසුව දැන් තම ස්ථාවරය සාධාරණීකරණය කිරීමට රජය කඩිමුඩියේ සාක්ෂි සොයනවාද?
විනිසුරු ප්‍රනාන්දුට අනුව, ආරක්ෂක අමාත්‍යවරයාට විෂයාත්මකවම අවශ්‍ය කරන විශ්වාසය හෝ සැකය තිබිය යුතුවා පමණක් නොව, එවැනි විශ්වාසයක් සඳහා වෛෂයිකවමිහේතුවක්’ ද තිබිය යුතුය. (2000 (1) SLR 387). මෙය ජනාධිපති අනුර රැඳවුම නියෝගයට අත්සන් තබන විට ඔහුට තිබෙන්නට ඇත්තේ කුමන ආකාරයේිවිශ්වාසයක් හෝ සැකයක්ද’ යන ප්‍රශ්නය මෙන්ම ඔහුගේ එවන් විශ්වාසය සඳහා වන හේතුව කුමක්ද යන ප්‍රශ්නයද ඇති කරයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේය,
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ (ආරක්‍ෂක) අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 02.05.96 දිනැති රැඳවුම් නියෝගය සහ ඒ යටතේ පෙත්සම්කරු රඳවා තබා ගැනීම නීති විරෝධී සහ වලංගු නෙවේ. තවද (අ) නීති විරෝධී ක්‍රියාකාරකම් චඥ සාධාරණ සැකයක් සාධාරණීකරණය කරන කිසිවක් ඉදිරිපත් කර නොමැත (ආ) ත්‍ව එබැවින් පෙත්සම්කරු රඳවා තබා ගැනීම 13(2) වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර ඒ සඳහා රජය වගකිව යුතුය’
අපරාධ නඩු සංග්‍රහය භාවිත නොකරන ලද්දේ ඇයි?
ධනුෂ්ක එරෙහි සී ඩී වික්‍රමරත්න නඩුවෙහි ඤීක් ත්‍ඍ 170: 2022% පහත විෂයයෙහි සඳහනක් සිදු කරන ලදි:
‘ත්‍ව1979 වසර අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ පොලිස් නිලධාරියෙකුට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ බලය පැවරී ඇත. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32(1)(ඉ) වගන්තිය යටතේ, වරෙන්තුවක් නොමැතිවම ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකුට බලය ඇත’
සග කිසියම් සංජානනීය වරදකට සම්බන්ධ වී ඇති හෝ සසග සාධාරණ පැමිණිල්ලක් කරනු ලැබ ඇති හෝ සසසග විශ්වාසදායක තොරතුරක් ලැබී ඇති සඩග එවැන්නකට අදාලව සාධාරණ සැකයක් පවතින්නාවු
අධිකරණය පහත පරිදි සිය නිරීක්ෂණය ප්‍රකාශයට පත් කළේය:ිත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට ඇති බලය වනාහි අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ ඇති බලයට වඩා පුළුල්ය. ධනුෂ්ක නඩුවෙහිදී, පෙත්සම්කරු,ිනීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් වූ අතර එය මූලික වශයෙන් බැලූ බැල්මටම පෙනෙන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32(1)(ඉ) වගන්තිය ප්‍රකාරව වුවද පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට හේතු විය හැකි පදනමක් මෙය නර්මාණය කර ඇත’
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32(1)(ඉ) වගන්තිය යටතේ අත්අඩංගුවක් සිදු කළ හැකි වරදක් වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සමගිස්ටිකර්’ ඇලවීමේ ප්‍රශ්නයක් සම්බන්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සහ රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම සංසන්දනය කරන කල එය නරුම ක්‍රියාවක් ලෙස පෙනී යයි. මෙය විෂයය වෙඩ්නස්බරි මූලධර්මය පවා අතාර්කික, අසමාන සහ අසාධාරණ යැයි හෙළ දකිනු ඇත. මෙය කෙතරම් පුදුමසහගත ලෙසින් තාර්කිකයට සහ පිළිගත් සදාචාරාත්මක ප්‍රමිතීන්ට පටහැනි වන්නේද යත් නැණවත් කිසිම කෙනෙකු මෙවන් තීරණයකට එළඹෙන්නේ නැත’
ගැලවුම්කරු ලෙසින් අධිකරණය
‘පාර්ලිමේන්තු පනත්වලට ස්වෛරී බලයක් ඇති නමුත් පවරනු ලැබු බලය යටතේ සම්පාදනය කරනු ලබන නීති නිර්දේශ වලංගු වන්නේ ඒවා ලබා දී ඇති බලතලවලට නිවැරදිවම අනුකූල වන්නේ නම් පමණි’ (වේඩ්ිපරිපාලන නීතිය” 5 වන ප්‍රකාශය පිටුව 748).
බලාධිකාරියේ සිටින්නන් වුවද බලය අනිසි ලෙස පරිහරණය කරන විට එයට එරෙහිව නිර්භීතව සහ බියෙන් තොරව හා නොසැලෙන තීන්දු තීරණ ගත හැකි විචාරවත් විනිසුරුවරුන් සිරිලක සිටීම අපගේ වාසනාවකි. මෙම උදාර විනිශ්චයකරුවන් එසේ කරන විට රජය මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදුකරනු ලබන අත් කරකැවිලි, බිය ගැන්වීම් සහ පරිපාලනමය නෙයියාඩගම් හමුවේ අසරණව සිටින සාමාන්‍ය පුරවැසියන්ගේ විශ්වාසය, සුභවාදී බව සහ නීත්‍යානුකූල අපේක්ෂාවන් තවත් ශක්තිමත් වන්නේය.
විනිසුරු කුලතුංගට අනුව අත්අඩංගුවක වලංගුබාවය තීරණෙය කරන්නේ අධිකරණයයි. අධිකරණය කිසිවිටෙක එහි ස්ථාවරයක් විධායකයට යටත් කරන්නේ නැත. මන්ද එසේ කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය මගින් සුරක්ෂිත කර ඇති අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් වීමේ මූලික අයිතිය පරාජය වනු ඇත. ඒ අනුව දිවුරුම් ප්‍රකාශවල හිස් ප්‍රකාශ මත රඳා නොසිට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, නිරීක්ෂණ ආදිය ඇතුළුව, අධිකරණයට තීරණයක් ගැනීමට හැකි වන පරිදි ප්‍රමාණවත් කරුණු විධායකය විසින් වුවද අධිකරණයද ඉදිරියේ තැබිය යුතුය. ”. (දිසානායක එදිරිව මහර බන්ධනාගාර අධිකාරී සහ වෙනත් අය (1991 (2); 247).
අවසන් වශයෙන් ජනාධිපතිවරයා ඔහුට පවරා ඇති විධායක බලතල භාවිත කරන විට නැණවත් සහ විචාර බුද්ධියෙන් කටයුතු කරනු ඇත යැයි මෙරටේ පුරවැසියන් හැටියට අප උදක් බලාපොරෙඑාකත්තු වන බව කියනු කැමැතතෙමු.
(නීතිඥ මාස් එල් යුසුෆ් ලන්ඩන් කලක් එක්සත් එමීර් රාජ්‍යවල ජනාධිපතිවරයාගේ පුද්ගලික අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය.