දිවයින පුරා සුරා සැල් දින 03කට වැසේ

0
24

NEWSNOW | –  අප්‍රේල් 12, 13 සහ 14 යන දිනවල ශ්‍රී ලංකාව පුරා ඇති සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්’තමේන්තුව නිවේදනය කළේය.

එළඹෙන පෝය දිනය (අප්‍රේල් 12) සහ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය (අප්‍රේල් 13 සහ 14) සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මෙම කාලය තුළ ක්‍රියාත්මක වන සුරා අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සුරාබදු දෙපාර්’තමේන්තුව අනතුරු ඇඟවීය.