රජයේ නිවාඩු දිනයක් ගැන අසත්‍ය තොරතුරක්

0
27

NEWSNOW | –  2025 අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට අන්තර්’ජාලය හරහා සංසරණය වන අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්’තමේන්තුව මහජනතාවට දැනුම් දීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්’තමේන්තුව පැවසුවේ, එම ව්‍යාජ ප්‍රකාශයේ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්’ෂය වංචනික ලෙස භාවිතා කර ඇති බවයි.

2025 අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව එම දෙපාර්’තමේන්තුව තවදුරටත් පැවසීය.