රජයේ සේවකයන්ට අප්‍රේල් මාසයට වැටුප් දෙකක්

0
128

NEWSNOW| – රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් 2025 අයවැය යෝජනාවලට අනුව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 10/2025 අනුව 2025 අප්‍රේල් මාසය සඳහා වැටුප ගෙවීමට නියමිතව ඇත්තේ හෙට(10) දිනයේය.

නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් නිසා ඉහත චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව ඔවුන්ගේ මේ සංශෝධිත වැටුප හෙට දින ගෙවීමට නොහැකි බව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රජය දැනුම් දී ඇත.

සාමාන්‍යයෙන් ගෙවන වැටුප හෙට (10) දින ගෙවන අතර නව වැටුප් සංශෝධනය 2025.04.25 දින සිදු කෙරෙන බව රජය සඳහන් කරයි.