මැතිවරණ කටයුතු සඳහා මස්ජිද අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

0
25

NEWSNOW| –  2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කටයුතු සඳහා මස්ජිඩ් භාරකරුවන් මස්ජිදය සහ තමන්ගේ භාරකාර තනතුර අවභාවිතා කරන බවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී ඇත.

එබැවින්, මැතිවරණ ආශ්‍රිත කටයුතු සඳහා පල්ලිය, ඒ අවට පරිසරය සහ එහි දේපළ භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, මැතිවරණ ව්‍යාපාර සඳහා ඔවුන්ගේ භාරකාර තනතුරු භාවිතා කිරීමෙන් වළකින ලෙසත් සියළුම පල්ලි භාරකරුවන් ගෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. නවාස් මහතා දැනුම් දෙයි.

එම නිවේදනය මෙසේය.