NEWSNOW| – නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට දෙමළ පක්ෂ නායකයින් හමුව තිබේ.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ආර්. සම්බන්ධන් මහතාගේ සහ මාවයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබඳව සිය ශෝකයද පළ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ප්‍රජාවට සමානාත්මතාවය, අභිමානය සහ යුක්තිය හිමි ජීවිතයක් වෙනුවෙන් අචල කැපවීම අවධාරණය කරන බවය.
එමෙන්ම ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම් සහ කෝවිල් ඇතුළු පුදබිම් මෙන්ම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව සහය ලබා දෙන බවත් පවසා තිබේ.
තමාගේ සංචාරය අතරතුර දියත් කරන ලද ව්‍යාපෘතීන් සහ මුලපිරීම් රැස ඔවුන්ගේ සමාජීය, ආර්ථික සහ සංස්කෘතික ප්‍රජගතියට දායකත්වය ලබා දෙනු ඇති බවත් ඉන්දීය අගමැතිවරයා සිය පණිවිඩය මගින් සඳහන් කර තිබේ.