දිවයිනට පැමිණි අගමැති මෝඩි X ගිනුමේ තැබූ සටහන

0
120

NEWSNOW| –   සිව් වන වරටත් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමා පිළිගත් ආකාරය පිළිබඳව ස්තූතිය පල කරමින්  සිය නිල X ගිණුමේ සටහනක් තබයි.

එම සටහන සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් තැබීම විශේෂත්වයකි.

එම සටහනේ දැක්වෙන්නේ,

කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි.

ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස, සරෝජා සාවිත්‍රී පෝල් රාජ්, ක්‍රිෂාන්ත අබේසේන, අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් ද එක්වී සිටියහ.