හික්කඩුවේ වෙඩි තැබීමක්. අයෙක් මරුට

0
100

NEWSNOW| –  අද (3) රාත්‍රියේ හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක  සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ.

රාත්‍රී 7ට පමණ අඹුසැමි යුවලක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව පොලීසිය පැවසීය.

එහිදී බරපතළ තුවාල ලැබූ එම යුවල ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කළ කර තිබේ.

වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති අතර තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වයද බරපතළ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.