මෝටර් රථ ප්‍රවාහන දෙපාර්’තමේන්තුවේ සේවා ලබා ගැනීමට ITN අංකය අනිවාර්’යයි

0
117

NEWSNOW | – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්’ය බව එම දෙපාර්’තමේන්තුව දැනුම් දීමක් කරයි.

ඒ අනුව 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්’ය වන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්’තමේන්තුව දැනුම් දෙයි.

යතුරුපැදි, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ට්‍රේලර් ලියාපදිංචි කිරීම හෝ මාරු කිරීම සඳහා TIN අංකය අනිවාර්’ය නොවන බව දෙපාර්’තමේන්තුව පැවසීය.

වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු, වාහන ලියාපදිංචි කිරීම සඳහා TIN අංකය අනිවාර්’ය වන බව රජය පසුගිය මාසයේ නිවේදනය කළ බැවින් මෙම පැහැදිලි කිරීම සිදු වේ.