අන්තර් ආගමික සහයෝගීතාවය ශක්තිමත් කරමින් පුත්තලමේ අද පැවති ඊදුල් ෆිතර් සැමරුම

0
25

NEWSNOW | – පුත්තලම පොලිස් බල
ප්‍රදේශයේ අද (31) පැවති ඊදුල් ෆිතර් උත්සවය  උදෑසන 6.30  සිට 08.00  දක්වා පුත්තලම සහිරා ජාතික පාසල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.

රාමසාන් කාලසීමාව ගතකර එය අවසන් කිරීමේ දේව මෙහෙය මෙලෙස පැවැත්වූූ අතර එහිදී පසුගිය කොරෝනා වසංගත කාල සීමාවේදී මියගිය ඉස්ලාමීය පුද්ගලයන් හා ඊශ්‍රායල් පලස්තීන යුද්ධ ගැටුමෙන් පීඩා විඳින පොදු මහා ජනතාව වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සම සභාපති වශයෙන් කටයුතු කරන බුද්ධියාගම චන්දරතන හිමියන්ද, කතෝලික පාසලේ විදුහල්පති අතුළු අන් ආගමික විද්වතුන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. රමලාන් උත්සවයක් වෙනුවෙන් බෞද්ධ භික්ෂුවගේ පැමිණීම පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඇති අන්තර් ආගමික සහයෝගීතාවය මැනවින් පිළිබිඹුවන කළේය.

මෙම අවස්ථාව සඳහා ඉස්ලාමීය බැතිමතුන් 8000 පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ පුත්තලම දිස්ත්‍රික් අන්තරාගමික කමිටුව, පුත්තලම මහ පල්ලිය, පුත්තලම ජමියතුල් උලමා ශාඛාව යන ආයතන වල දායකත්වයෙනි.