පහන මාධ්‍ය සමඟ එක්ව රුහුණු විශ්ව විද්‍යාලයේ ඉෆ්තාර් උත්සවයක් අද

0
27

NEWSNOW | – රුහුණ විශ්ව විද්‍යාලයේ මුස්ලිම් මජ්ලිසය විසින් සංවිධානය කරනු ලබන ‘ඉෆ්තාර් අල් වහ්දා’ උත්සවය අද (25) පස්වරු 4 ට රුහුණු විශ්වවිද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතා සහභාගී වීමට නියමිතය.

මුස්ලිම් මජ්ලිස් සභාපති අල්තාෆ් හම්සා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී මව්ලවි එම්. ඉක්‍රම් අල්ෆාසි සහ අෂ්-ෂෙයික් උමෙයාර් තන්විරි යන මහත්වරුන්ගේ විශේෂ දේශන පැවැත්වේ.

මුස්ලිම් මජ්ලිස්හි භාණ්ඩාගාරික, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඒ. ධම්මික ජයසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසරේ සිට පැවැත්වෙන මෙම ඉෆ්තාර් උත්සවය, මෙම වසරේදීත් පහන මාධ්‍ය සමඟ සහයෝගයෙන් පවත්වනු ලැබේ.

මෙවර ඉෆ්තාර් උත්සවය සඳහා මුස්ලිම් ඒඩ්, SFRD, අල් හික්මා සමාජ සේවා ආයතනය, පහන මාධ්‍ය සහ තවත් බොහෝ ධානපතියන් විසින් මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වන ලදී.

විශ්වවිද්‍යාල ප්‍රජාවේ සියලුම ජාතීන්ට අයත් සිසුන් එක්රැස් කිරීම සඳහා ‘ඉෆ්තාර් අල් වහ්දා’ උත්සවය පවත්වන දෙවන අවස්ථාව මෙයයි.