පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අගදී

0
33

NEWSNOW | – පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මේ අනුව රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට නියමිතය.

පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් මේ වන විට රජය සතුව පවතින බවත් එය පොහොර සහනාධාරය ලබාදීම සඳහා යොදා ගන්න බවත් අමාත්‍යවරයා පැවසීය.