වාචික සහ මානසික හිංසනයට එරෙහිව කටුනායක ඇඟළුම් සේවකයින් පාරට බසී

0
33
NEWSNOW | –  අද (23) දින දහවල් කටුනායක නිදහස් වෙළෙද කළාපය ඉදිරිපිටදී  එහි සේවක සේවිකාවන් විරෝධතාවයක නිරත විය.
ඒ කටුනායක ඇතුලු සියලුම නිදහස් වෙළෙද කළාප වල වැඩ කරත් සේවය කරන සේවිකාවන් ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන වාචික සහ මානසික  හිංසනයට එරෙහිවයි.
ඔවුන් ඉල්ලන්නේ ජාත්‍යාන්තර කම්කරු ප්‍රඥප්තියේ සදහන් සී. – 190 නීතිරීති වලට අනුකූලව නීති සකස් කරන ලෙස , මෙරට රජයට සහ කර්මාන්තශාලාහිමියන්ට පියවරක් ගන්නා ලෙසයි.
මෙම උද්ඝෝෂණය වානිජ සහ කාර්මික සේවක සංගමය විසින් සංවිධානය කර තිබුණි.
 ඇඟලුම් සේවකයින් පවසන්නේ, මෙම හිංසනය කර්මාන්තශාලා හිමියන් තම නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට භාවිතා කරමින් සිටින බවය.
එසේම මෙම සේවක – සේවිකාවන් කම්හල් භූමියට පරිභාහිරව ද හිංසනයට ලක් වෙමින් සිටින බවට ද ඔවුන් චෝදනා කරයි.