NEWSNOW| – සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටයලක් තුළ පැවැති මහා පරිමාණ ෆේස්බුක් සාදයක් ඊයේ (22) රාත්‍රියේ වටලා තිබේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටයලක සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව සිදු කළ වැටලීමේදී එම සාදයේ සිටි තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බවත් මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සමඟ සැකකාරියන් 03 කු, සැකකරුවන් 14 කු අත්අඩංගුවට ගෙන ඇත.
එසේම මෙම සාදය සඳහා සහභාගි වූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැණුණි
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සීදූව පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.