NEWSNOW | – 161 වන පොලිස් විරුදිනය අනුස්මරණය කිරීම බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අභියසදී වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) දින උදෑසන පැවැත්වූ අතර මීට සමාගාමිව දිවයින පුරා සියළුම පොලිස් කොට්ඨාස වල පොලිස් විරු දිනය අනුස්‌මරණය කිරීම සිදු කෙරිණි.
මෙහිදී සම්මාන පෙළපාලියක් පවත්වා පොලිස් විරු ස්මාරක වෙත උත්තමාචාර දැක්වීමෙන් පසු වැඩ බලන පොලිස්පතිතුමා විසින් රණවිරු ස්මාරකය වෙතපුස්පෝපහාර දැක්වීම සිදු කරන ලදි.
යුද්ධයේදී මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවන් වලදී මිය ගිය පොලිස් නිලධරයන්ගේ පවුල්වල සාමාජිකයන් 30 දෙනෙකු සහ පුර්’ණ ආබාධිත භාවයට පත් වූ පොලිස් නිලධරයන්ගේ පවුල් වල සාමාජිකයන් 20 දෙනෙකු සඳහා ඔවුන්ගේ පැමිණීම ගෞරවයක් ලෙස සලකමින් වැඩබලන පොලිස්පති තුමන්ගේ සුරතින් සියලු දෙනාට මුදල් ත්‍යාග වච්චර්’ පත් ලබා දීමට කටයුතු කරන ලදී. එසේම වැඩ බලන පොලිස්පතිතුමන් විසින් පොලිස් විරුවන්ගේ පවුල් වල ඥාතීන්ගේ සුවදුක් විමසමින් සුහද පිළිසදරකද නිතර විය.
මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික පොලිස්පතිවරුන්, ආබාධිත පොලිස් විරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක්ද සහභාගී විය.