දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදී 2024 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

0
22

NEWSNOW| – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) සිට විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වේ.

මෙවර විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව සඳහන්ය.

විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් විභාග නීති රීති වලට අවනත වියයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.