Home TOP ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටු මෙරට භාවිතය නීති විරෝධී – අත්අඩංගුවට ගැනීමට සූදානම්
NEWSNOW | – ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටු හෙවත් වේප් නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මෙරටදී මෙම වේප් නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගියදා මුදල් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.
එසේම සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබේ.