Home TOP කෝටි 17කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට
NEWSNOW | – රුපියල් 17 කෝටි 50 ලක්ෂයක් වටිනා ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් ඊයේ (09) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාවද මෙය බව වාර්’තා වේ.
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඊයේ දින රාත්‍රී 08.35 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබද වැඩිදුර විමර්’ශන කටයුතු සදහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.