‘තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්’ තේමාවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ

0
152

NEWSNOW| –   ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්’ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.

දැයේ කාන්තාවන්ගේ අභිමානය සනිටුහන් කරනු වස් මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්නයි.

2025 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව ඊයේ (07) උදෑසන 10ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී  පැවැත්විණි.