අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපතිගේ අවධානය

0
139

NEWSNOW| –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(06) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කර තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකර තිබේ.

අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.