මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම ඉහළට

0
166

NEWSNOW| –  මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19ක් වාර්තා වී තිබේ.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන් සිද්ධීන් 12ක් සංවිධානාත්මක කල්ලි විසින් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉන් ඉතිරි සිදුවීම් 7 යම් යම් පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද ඒ මහතා පැවසීය.

මෙම වෙඩිතැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සැකකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩිතැබීම් සඳහා භාවිත කළ ටී 56 ගිනිඅවි 6ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම වෙඩිතැබීම් සඳහා භාවිත කළ පිස්තෝල ගිනිඅවි දෙකක් සහ වෙනත් පිස්තෝල ගිනිඅවි 5ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි බුද්ධික මනතුංග මහතා පැවසීය.

මෙම අපරාධ සඳහා භාවිත කළ යතුරුපැදි 8ක්, මෝටර් රථ 2ක් සහ වෑන් රථයක්, ත්‍රීරෝද 2ක් වසරේ මේ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇත.