NEWSNOW| – රටට හොඳ ආදර්ශයක් ලබා දෙමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය සිය විදෙස් ගමනේදී ඉතිරිවූ මුදල් යළි රජයට ලබා දීමට කටයුතු කර තිබේ.
සරෝජා සාවිත්‍රි බොල්රාජ් මහත්මිය, පෙබරවාරි 11 සිට 16 දක්වා ජිනීවාහිදී පැවති කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් ඉවත් කිරීම පිළිබඳ ජිනීවාහිදී පැවති එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (CEDAW) 90 වැනි සැසිවාරයට සහභාගී විය.
එම සංචාරයෙන් පසු අමතර වියදම් සඳහා ලබාදුන් මුදල් වන අමෙරිකානු ඩොලර් 240ක මුදලක් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරිකවරයාට භාරදී තිබේ. ඊට අදාළ කුවිතාන්සියක් සමාජ මාධ්‍යවල පළ කර ඇත.
අප මීට පෙර දැක තිබුණේ විදෙස් ගමන් ගොස් තම හිතවතුන්ගේ නිවෙස් වල නවාතැන ගෙන හෝටල් වල නතර වූ ආකාරයට විශාල මුදලක් රජයෙන් ලබා ගත් ආකාරයයි.
නමුත් මෙවැනි ආකාරයට විදෙස් ගමනකින් ඉතිරි වූ මුදල් යළි රජයට ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.