Home TOP ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි IMF කියයි
NEWSNOW | – ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ විස්තීර්’ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමින් තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බවය.
එමෙන්ම පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.
ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ 2022 වසරේ ප්‍රථම වරට ඔවුන් මෙරටට පැමිණෙන විට ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි කුමන හෝ පොලීමක මෙරට ජනතාව රැඳී සිටි බවත් එකල මෙරට ආර්ථික ක්‍රියාකාරකම්වල ඉතා මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබුන බවත්ය.
කෙසේ වෙතත් මේ වන විට එම වතාවරණය යතා තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.