NEWSNOW| – හැකි ඉක්මනින් නැවතත් ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස සියලුම තෙල් බෙදුම්කරුවන්ට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා දැනුම් දීමක් කරයි.
ඔහු අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට කඩිනමින් විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවය.
එසේම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.