Home TOP ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක්
NEWSNOW | – අද(03) පෙරවරුවේ ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක් භාරදී තිබේ.
ඒ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්’බුදය පිළිබදවය.
මීට පෙර ලබාදුන් සියයට 3ක වට්ටම අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මෙම සංදේශය මගින් ජනාධිපතිවරයා දැනුවත් කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක මාධ්‍ය වෙත පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම ලබාදුන් 3% වට්ටම අහෝසි කිරීමට සංස්ථාව පසුගියදා තීරණය කළ අතර එම තීරණයත් සමග අලූතින් ඉන්ධන ඇණවුම් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කළේය.
පසුගිය සිකුරාදා ඇතිවූ මෙම සිද්ධියත් සමග සති අන්තයේ ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබුණි.
එම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ඉන්ධන ඇනවුම් නොකිරීමට ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි ලංකා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සඳනායක කියා සිටියේ.
නමුත් ඇණවුම් කළ ඉන්ධන තොග අදත් බෙදාහැරීමේ කටයුතු සිදුවන බැවින් ඉන්ධන හිගයක් පිළිබද ජනතාව අනියත බියක් ඇති කර නොගතයුතු බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභෘපති ඩී.ජේ රාජකරුණා අද(03) කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.