පලස්තීනයේ ගාසා තීරයට ආධාර ට්‍රක් රථ යැවීම නැවත්වීමට ඊශ්‍රායලය සූදානම්

0
48

NEWSNOW | – ගාසා තීරයට ආධාර සපයන සියළුම ට්‍රක් රථ නවතා දැමීමට ඊශ්‍රායලය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල රජය මේ බව පවසා තිබේ.

හමාස් සංවිධානය අතර එළඹි සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) සිදුකළ සාකච්ඡා අසාර්’ථක වීමෙන් පසුව ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ ස්ථිර සටන් විරාමයක් සඳහා වු ගිවිසුමකට එළඹෙන්නේ නම්, දැනට ජීවත්වන ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කිරීම සහ ඉතිරි අය ගිවිසුම අවසානයේදී නිදහස් කිරීම යන කොන්දේසි මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟවනු ඇති බවයි.

කෙසේ වෙතත් එම ඉල්ලීමට එකග නොවන බවට හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්’තා කළේය.