සැඟව සිටින හිටපු පොලිස්පතිට විදෙස් තහනමක්

0
105

NEWSNOW| –   අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවය.

විමර්ශන නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ඔහුගේ හෝකන්දර නිවස සහ ගිරිඋල්ල නිවස පරික්ෂා කළද ඔහු එම නිවාසවල නොසිටි බව දැනුම් දී ඇත.

මේ අතර ඔහු සැඟව සිටින නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.