රමළාන් උපවාස මාසයේ ආරම්භය මාර්තු 02 වනදා බව මහ පල්ලිය දැනුම් දෙයි

0
175

NEWSNOW| – හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 රමළාන් මාසයේ හිලාල් (නවසඳ) 2025 පෙබරවාරි මස 28වැනි සිකුරාදා දිස් නොවීය.

කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්, හිජ්රි 1446 ෂඃබාන් මාසය දින 30ක් සම්පූර්ණ වන බවත් 1446 රමළාන් මාසයේ පළමු දින 2025 මාර්තු මස 02 වැනිදා බවත් ඒකමතිකව ප්‍රකාශ කරන්නේය.