නේපාලයට භූ කම්පන තත්ත්වයක්

0
216

NEWSNOW | – රික්ටර් මාපක 6.1ක් සටහන් කරමින් අද අලුයම 2:51ට පමණ නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් එරට නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බව ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්’යේෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වුවද තවමත් සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නොමැත.