මන්ත්‍රී නාමල් CID යට එයි

0
36

NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවට පැමිණ තිබේ.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ දිනවල නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව වෙත තමාව කැඳවන බවත් එය කිසිදු ගැටලුවක් නොමැති බවයි.

“අපි එන තරමටම තමා මේ අයගේ බොරුව වංචාවක් කියන එක සමාජයට තහවුරු වෙන්නේ. යහපාලන ආණ්ඩුවේ දුෂණ විරෝධී කමිටුවේ හිටිය මහත්තයාම තමා මේ ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා. නිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්න මහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ මහන්සි වෙලා ආරක්ෂාව තහවුරු කළොත් හොඳයි”