ගිනි පාලන සතියක් අද (24) සිට ක්‍රියාත්මකයි

0
27
SAMSUNG CAMERA PICTURES

NEWSNOW | – ගිනි පාලන සතියක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ පවතින වියළි කාළගුණ තත්ත්වයක් සමග කැළෑ ගිනි ඇතිවීම් වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමේ

මේ අනුව මාර්’තු දෙවන දින දක්වා එම සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්’තමේන්තුව සඳහන් කළේය.

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයක් සමග මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කැළෑ ගිනි ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.

මේ හේතුවෙන් වනාන්තර ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්’ය භාරය, වන සංරක්ෂණ දෙපාර්’තමේන්තුව සතු වූව ද කැළෑ ගිනි ඇතිවීම වැලැක්වීම හා පාලනය කිරීම දෙපාර්තමේන්තුව සතු සීමිත මානව සම්පත මගින් සිදුකළ නොහැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එබැවින් කැළෑ ගිනි ඇතිවීමේ ප්‍රවනතාව ඉහළ යාමත් සමග ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා ගිනි පාලන සතියක් මෙලෙස ක්‍රියාත්මක කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.