රටේ සාමය වෙනුවෙන් ජනාධිපතිකම අතහැරීමට සූදානම් සෙලෙන්ස්කි

0
37
En esta imagen cortesía de la oficina de prensa de la presidencia de Ucrania, el presidente Volodymyr Zelenskyy, canta el himno nacional durante su visita del miércoles 14 de septiembre de 2022, a la ciudad de Izium, en la región de Járkiv, Ucrania. (Ukrainian Presidential Press Office via AP)

NEWSNOW| –  තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබේ.

ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දුනහොත් බවයි ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී  යුක්රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකය නිර්මාණය විය.

ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු පවසා ඇත්තේ දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවයි.

යුක්රේනයට සාමය ගෙන එන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.