ත්‍රස්ත සංවිධාන 15ක් තහනම් කරමින් අති විශේෂ ගැසට්ටුවක්

0
47

NEWSNOW| –   LTTE සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන 15ක් තහනම් කරමින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුවය.

මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇත.

ඒ අනුව එම සංවිධානවන මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක්කර තිබේ.

ඊට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර තිබේ.

තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත්

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්

10 විලයාත් අස් සෙයිලානි

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය

12 ද්‍රවිඩ තරුණ සංවිධානය

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය

15 සේව් ද පර්ල්ස්