කොටහේන ප්‍රදේශයේත් වෙඩි තැබීමක්

0
30

NEWSNOW| –  කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩික්කරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.