NEWSNOW | – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාට අලුත්කඩේ අධිකරණ සංකීර්’ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි.
ඒ වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූප වලිනි.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්’තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව සැකකරු බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
ගණේමුල්ල සංජීව මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වේ.