පාන් මිල ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

0
53

NEWSNOW| – පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වෙයි.

වෙළෙඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගෙන ඇති බවය.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමන එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කි‍ලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් යන සමාගම් ඊයේ දිනයේ තීරණය කර තිබේ.