“ධර්මාවබෝධය තුළින් සංහිඳියාව” – රමළාන් ප්‍රදර්’ශනය – 2025 ඇරඹේ[PHOTOS]

0
39

NEWSNOW | –  ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම්හි පානදුර ශාඛාව සමඟ සහයෝගයෙන් තන්වීර් ඇකඩමිය විසින් සංවිධානය කළ “ධර්මාවබෝධය තුළින් සංහිඳියාව” යන රමළාන් ප්‍රදර්’ශනය අද (17) දිනයේ ආරම්භ කෙරුණි. මේ සඳහා ආගමික නායකයින්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයින්, සහ පාසල් ළමුන් සහභාගී වී සිටියහ.

මෙම ප්‍රදර්’ශනයේ අරමුණ වන්නේ,

1. රමළානය හා අල්-කුර්ආනය අතර ඇති සබඳතාව කුමක්ද?
2. මුස්ලිම්වරයකු උපවාස දිනයක් ගතකරන්නේ කෙසේද?
3. රමළානය හා බැඳුණු නැමදුම් හා වත්පිළිවෙත් කෙබඳුද?
4. රමළාන් උපවාසය තුළින් සතු කරගන්නා අරමුණු හා ප්‍රයෝජන කවරේද?
5. නෝම්බි අවුරුද්ද ආගමික හා සංස්කෘතිකව සමරන්නේ කෙසේද?

යනාදී කරුණු කාරණා සියල්ල පිළිබඳ අන් ආගමික ජනතවට මනා දැනුමක් හා අවබෝධයක් ලබා දීමයි.