විශේෂ පාර්’ලිමේන්තු රැස්වීම ඇරඹේ

0
29

NEWSNOW | – අද(14) දිනයේ විශේෂ පාර්’ලිමේන්තු රැස්වීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කථානායකවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදු කෙරුණි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම්වලට අදාළව තීරණය කථානායකවරයා විසින් පාර්’මේන්තුවට දැනුම්දීම සඳහා මෙම විශේෂ සභාවාරය කැඳවා තිබේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා ‍දින පස්වරු 2 සිට පස්වරු 7 දක්වා පැවැත්වීමටද නියමිතය.