NEWSNOW | – සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්’ජි සමාගම තීරණය කර ඇති බව වාර්’තා වේ.
එම ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය අනුමැතීන් වැඩි ප්‍රමාණයක් මේ වන විට ලබා ගෙන තිබේ. නමුත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් හේතුවෙන් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇත.
අදානි ග්‍රීන් එනර්’ජ සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් අදානි සමාගම ප්‍රකාශ කරයි.