ඉතිහාසයේ පළමුවරට පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

0
171

NEWSNOW| –  පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මෙය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන්ද ප්‍රථම වතාව මෙය බවද වාර්ථා වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ඒ අතර වෙයි.

මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 වනදා සිට සහ 18 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.