රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමක් සම්බන්ධයෙන් යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු

0
47

NEWSNOW | – යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හට, යෝෂිත රාජපක්ෂ සමඟ පවත්වාගෙන ගිය රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සංචාරක තහනමක් පනවා තිබේ.

2016 සිට කරන ලද පරීක්ෂණවලින් රාජපක්ෂට අරමුදල් සම්බන්ධයෙන් සතුටුදායක පැහැදිලි කිරීම් ලබා දීමට නොහැකි වූ බව සොයා ගැනීමෙන් පසු, මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිසිය දෙදෙනාටම එරෙහිව චෝදනා ගොනු කර ඇත.

විමර්’ශනයට අනුව, අදාළ අරමුදල් ස්ථාවර තැන්පතු සහ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර, ඒ අතර ඩේසි ෆොරස්ට් සමඟ පවත්වාගෙන ගිය ඒකාබද්ධ ගිණුමක් ද ඇතුළත් වේ.

නඩුවේ සැකකරුවෙකු ලෙස ෆොරස්ට් නම් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස, රාජපක්ෂ සහ ෆොරස්ට් යන දෙදෙනාම ඉරිදා (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී විධිමත් ලෙස සැකකරුවන් ලෙස නම් කරන ලද අතර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී පැවසීය.