8 වසරක් තුළ තෙවැනි වතාවටත් පාකිස්තාන පාපන්දු සම්මේලනය තහනමකට ලක්ව වෙයි

0
145

NEWSNOW| –  ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම ඊට හේතුවයි.

FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ඔහු ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි.

2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන ලද සාමාන්‍යකරණ කමිටුවක් විසින් පාලනය කරනු ලබයි.

කෙසේ නමුත් ඔවුන් විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමට පාකිස්තාන පාපන්දු සම්මේලනය අපොහොසත් වී ඇත.

ඒ අනුව FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් පාකිස්තානයේ මෙම තහනම බලපැවැත් වේ.